අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගෙන් ජලය පිළිබඳවත් මෘග සතුන් හා උරඟ සතුන් ඉතිරි කළ දෑ පිළිබඳවත් විමසන ලදී. එවිට එතුමාණෝ: "ජලය කුල්ලතෙයින් ප්‍රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත." යැයි පැවසූහ. صحيح - رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගෙන් මෘග සතුන් හා උරග සතුන් පානය කර ඉතිරි කළ ජලය පිළිබඳව විමසන ලදී. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, "සැබැවින්ම ජලය විශාල හම් මලු දෙකක ප්‍රමාණයකින් වී නම්, එනම් ලීටර් 210 ක ප්‍රමාණයක් වී නම් එය අධික ජලය ලෙස හඳුන්වනු ලබන අතර එහි අපිරිසිදු දෙයක් වැටීමෙන් එහි වර්ණය හෝ සුවය හෝ ගන්ධය හෝ වෙනස් නො වූයේ නම්, එය අපිරිසිදු වන්නේ නැත." යැයි පැවසුහ.

explain-icon

හදීසයේ හරය

  • ජලයෙහි වර්ණය, සුවය හා ගන්ධය යන ගුණාංග අපවිත්‍ර දෙයක් හේතුවෙන් වෙනස් වූ විටෙක ජලය අපිරිසිදු වේ.
  • අපවිත්‍ර දෑ ජලයේ ස්වභාවය වෙනස් කළ විටෙක එය සුළු ප්‍රමාණයෙන් වුව ද වැඩි ප්‍රමාණයෙන් වුව ද එය අපවිත්‍ර වේ යන්න විද්වතුන්ගේ ඒකමතික අදහසයි.