අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. බුළාආ නම් ළිඳෙන් අපි වුළු ගන්නදැයි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසන ලදී. එය සනීපාරාක්ෂක තුවාද බලු මස් හා අපවිත්ර දෑද විසි කරන ලද ළිඳකි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.“ යැයි පැවසූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත