අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරියක් තටාකයක ස්නානය කළාය. පසුව එයින් පිරිසිදු වන්නට එසේ නැතිනම් ස්නානය කර ගන්නට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පැමිණියහ. එවිට ඇය අල්ලාහ්ගේ දූතයාණනි, එයින්ද? සැබැවින්ම මම ජුනුබ් (හෙවත් මහා කිලිටි) තත්ත්වයේ පසුවෙමි යැයි පැවසුවාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්- සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියත වශයෙන්ම ජලය කිලිටි නොවන්නේය යැයි පැවසූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරියන් අතුරින් එක් බිරියක් ජනාබත් හෙවත් මහා කිලිට්ටෙන් ඉවත් වනු පිණිස ස්නානය කළාය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- පිරිසිදු වීම සඳහා එසේ නැතිනම් ස්නානය කිරීම සඳහා එහි පැමිණියහ. තම බිරිය ස්නානය කොට ඉතිරි වූ ජලය භාවිත කිරීමට එතුමා අපේක්ෂා කළහ. එවිට තමන් ජනාබත් තත්ත්වයේ පසුවූ බව ඇය එතුමාට දන්වා සිටියාය. එවිට එතුමා සැබැවින්ම ඒ හේතුවෙන් එම ජලයට බලපෑමක් ඇති නොවන බව දන්වා සිටිමින් එය පිරිසිදුය පිරිසිදු කරවන්නක් වන්නේය යැයි ද පවසා ඇයට මඟ පෙන්වූහ.