අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා තම මිතුරා වූ ද තම සගයා වූද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන්ට කරුණු තුනක් ගැන උපදෙස් දුන් බවත් ඒ පිළිබඳ ප්‍රතිඥා ගත් බවත් මෙසේ දන්වා සිටියේය. පළමුව: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම. දෙවනුව: සෑම දිනකම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම. තුන්වනුව: නින්දට යාමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම. එසේ ඉටු කරනු ලබනුයේ අවසන් රාත්‍රියේ අවදිවීමට නො හැකැයි බියවන කෙනෙකු හටය.