"අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන අතරවාරයේ කවරෙකු දිනක් උපවාසයේ නිරත වූයේ ද, තවත් වාර්තාවක අල්ලාහ්ගේ මාර්ගයේ හෝ වෙනත් කටයුත්තක අවංකභාවයෙන් යුතුව අල්ලාහ්ගෙන් කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වූයේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් තම භාග්‍යය තුළින් ඔහු හා අපා ගින්න අතර වසර හැත්තෑවක දුර ප්‍රමාණයක් දුරස් කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.