අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරන ලදී. “ජුමුආ දිනයේ ඊට පෙර හෝ ඊට පසු දිනක් උපවාසයේ නිරතවීමෙන් තොරව නුඹලා කිසිවකු උපවාසයේ නිරත නොවිය යුතුය.” පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

ජුමුආ දිනය සමග ඊට පෙර හෝ පසු දිනක් එකතු කිරීමෙන් හෝ එදින සිරිතක් ලෙස පැමිණෙන උපවාසයක් වී නම් හැර එදින පමණක් උපවාසයේ නිරත වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේය.