නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

“එළැඹෙන වසර තෙක්” එනම් එළැඹෙන ඊළඟ මුහර්රම් මාසය වන තෙක් යන්නයි. “මා සිටියේ නම්” එනම් මම ජීවතුන් අතර සිටියේ නම් “සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.” එනම් යුදෙව්වන්ට වෙනස්කම පෙන්වමින් ආෂූරා හෙවත් මුහර්රම් දස වැනි දින සමග නව වැනි දිනද උපවාසය රකිමි යන්නයි. නමුත් එතුමා මිය යන තෙක් එළැඹෙන ඊළඟ මුහර්රම් මාසය නොපැමිණියේය. කෙසේ වෙතත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපවාසයේ නිරත නොවූවද එම උපවාසය රැකීම සුන්නාවක් වන්නේය. හේතුව එතුමාණන් ඒ සඳහා අදිෂ්ඨාන කර ගෙන සිටි බැවිණි. එය නබි චරිතයකි. දස වැනි දින සමග නව වැනි දින උපවාසයේ නිරත වීමට හේතුව දසවැනි දින පමණක් උපවාසයේ නිරත වීමෙන් යුදෙව්වන්ට සමානව කටයුතු නොකරනු පිණිසය. ආෂූරා දිනය ළඟා කර ගැනීමේ දී වඩාත් සැළකිලිමත් වීම සඳහා එසේ උපවාසය නිරත වූ බව ද කියවේ. නමුත් පළමු ප්රකාශය වඩාත් උචිතය. මූලාශ්රය පැමිණ ඇත්තේද ඒ සඳහාය. අල්ලලාහ් වඩාත් මැනවින් දන්නාය.