අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න." صحيح - متفق عليه
explain-icon

විවරණය

මුඅද්දින්ගේ ඇරයුමට සවන් දුන් විටෙක, එයට පිළිතුරු දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය වාක්‍යයෙන් වාක්‍යය ඔහු පවසන පරිදිම පැවසීමෙනි. ඒ අනුව ඔහු 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසන විට, ඔහුගෙන් පසුව අප ද තක්බීර් පැවසීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක පවසන විට, ඔහුගෙන් පසුව අප ද ඒ දෙක පවසා සිටිය යුතුයි. නමුත් "හය්ය අලස් සලාහ්, හය්ය අලල් ෆලාහ්" යන ප්‍රකාශයට දෙනු ලබන පිළිතුර වෙනස්ය. ඒ දෙකින් පසුව 'ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්' යනුවෙන් පවසනු ලැබේ.

explain-icon

හදීසයේ හරය

  • හදීසයේ පොදු අදහස අනුව, මුඅද්දින්වරු කිහිප දෙනෙකුගේ ඇරයුම ඇසුණ ද පළමු මුඅද්දින්වරයා අවසන් කළ පසු දෙවන මුඅද්දින් වරයා ද අනුගමනය කරමින් පිළිතුරු ‌දිය යුතුය.
  • වැසිකිලි අවශ්‍යතා හෝ වෙනත් අවශ්‍යතාවක නියැලී සිටියේ නම් මිස ඔහු වෙනත් කවර තත්ත්වයක සිටිය ද ඒ සෑම අවස්ථාවකදීම මඅද්දින්ට පිළිතුරු ‌දිය යුතුය.