දැහැමි ක්‍රියාවන් අවහිර කරන, ඉන් වළක්වාලන සැක හා අර්බූධ පැමිණීම හේතුවෙන් එම දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමෙන් වෙනතකට යොමු කිරීමට හා ඒ ගැන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පෙර, ඒවා අධිකව ඉටු කිරීමටත් ඒ වෙත යුහුසුළු වීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ව දිරිමත් කර ඇත. එය රාත්‍රියේ කොටසක් මෙන් අන්ධකාරය. එහි සත්‍යය, අසත්‍යය සමග මුසු වී පවතී. ඒ දෙක අතර වෙන්කර හඳුනා ගැනීමට මිනිසුනට දුෂ්කර වෙයි. එහි බරපතලකම නම්, මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙසින් අවදි වී සවස් කාලයේ දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත්වනු ඇත. සවස් කාලයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු සේ අවදි වී උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. මෙලොව ක්ෂණික වින්දනයන් සමග තම ආගම පවා අත්හැර දමයි.