අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර." حسن - رواه الترمذي وابن ماجه
explain-icon

විවරණය

සැබැවින්ම මෙලොව හා එහි ඇති දෑ අල්ලාහ් විසින් පිළිකුල් කරන ලද්දකි. එමෙන් දොස් පවරන ලද, දුරස් කරන ලද, අත්හැර දමනු ලද්දකි. එහි ඇති දෑ ද ඔහු ඉදිරියේ ප්‍රශංසාවට ලක් නො වන, අත්හැර දමනු ලද්දකි. මක්නිසාදයත් එය හා එහි ඇති දෑ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් මිනිසා දුරස් කරන බැවින් හා වෙනතකට යොමු කරන බැවිනි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල්ලාහ් ප්‍රිය කරන දැයින් සමීප කරගත් හා ළං කරගත් දෑ හෝ ආගමික දැනුම ලැබ එය උගන්වන්නා හෝ දැනුම හදාරන්නා හැර යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.

explain-icon

හදීසයේ හරය

  • පොදුවේ මෙලොවට ශාප කිරීමට අනුමැතිය නැත. එසේ ශාප කිරීම තහනම් කරමින් හදීස් පැමිණ ඇති බැවිනි. නමුත් එහි අල්ලාහ්ගෙන් දුරස් කරවන ඔහුට අවනත වීමෙන් වෙනතකට යොමු කරන දෑට දොස් නගනු ලැබීමට අවසරය ඇත.
  • අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ඒ සඳහා උපකාරවන හේතු සාධක හැර මෙලොව ඇති සෙසු සියලු දෑ කෙළිලොල්ය, පුහුවක් ය.
  • දැනුම, දැනුම ලත් උදවිය, දැනුම සෙවීම යනාදියේ මහිමය පැහැදිලි කිරීම.
  • ඉබ්නු තය්මිය්යා තුමා මෙසේ පවසයි. "එසේ හෙළා දකිනු ලබන්නේ, තහනම් කරන ලද දෑ හෝ ගුණ කර ගැනීමේ සහ පුරසාරම් දෙඩීමේ අදහසින් අනුමත කරගත් දෑ ය. එමෙන් ම උඩඟුකම හා ප්‍රදර්ශනය කිරීමේ අදහසින් කුමක් අත්පත් කර ගත්ත ද ඒවා ය. මෙවැනි දෑ බුද්ධිමත් මිනිසුන් අබියස පිළිකුලකි."