අලී ඉබ්නු අබූ තාලිබ් තුමා හා මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතුරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සලාතය මෙහෙයවන ඉමාම් සිටගත් ඉරියව්වේ හෝ රුකූහි හෝ සුජූද්හි හෝ වාඩි වී හෝ සිටින තත්ත්වයක ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, ඉමාම්වරයා කියාම් හෝ රුකූ හෝ ඒ හැර වෙනත් කවර ඉරියව්වක සිටියද එහි ඉමාම්ට අනුකූලව කටයුතු කරත්වා. පොදු ඇතැම් පොදු ජනයින් ක්රියා කරන්නාක් මෙන් ඉමාම් නැගී සිටින තෙක් බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුය.

explain-icon

හදීසයේ හරය

  • ඉමාම් සලාතයේ කවර කොටසක නියැළී සිටිනු දකින්නේ ද එහිදී රුකූ, සුජූද් හා කුඌද් අතර කිසිදු වෙන් කිරීමකින් තොරව ඔහු සමග සේන්දු වීම සඳහා ප්රවේශ වීම ආගමානුගත කරන ලද්දකි.
  • වෙනත් මූලාශ්ර පෙන්වා දී ඇති පරිදි ඉමාම් සමග සේන්දු වන රකආතය වලංගු වන්නේ එය රුකූඃ නිලය ලැබීම තුළිනි.
explain-icon

අමතර