අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු හෝ ජනයාට සලාතය මෙහෙය වන විට, ඔහු සැහැල්ලු කරත්වා. ඊට හේතුව ඔවුන් අතර දුර්වලයින් රෝගීන් අවශ්යතා ඇත්තන් සිටින බැවිණි. නුඹලා අතරින් කවරෙකු හෝ තනිව සලාතය ඉටු කළ විට ඔහු අභිමත කරන පරිදි දීර්ග කරත්වා!” පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය මෙහෙයවන්නන්හට නබි චරිතයේ පැමිණ ඇති පරිදි සලාතය සැහැල්ලු කිරීමට නියෝග කළේය. එයට හේතු වශයෙන් සැබිවින්ම ඔවුනට පසුපසින් ව්යූහයෙන් දුර්වල ශක්තියෙන් දුර්වල අය සිටින බවත් ඔවුන් අතර රෝගීන් හා අවශ්යතා ඇත්තන් ද සිටින බවත් කරුණු ඉදිරිපත් කළේය. නමුත් ඔවුන් වෙන් වෙන්ව සලාත් ඉටු කරන්නේ නම්, කැමතිනම් දිගු කළ හැක. කැමති නම් සැහැල්ලු කළ හැක.

explain-icon

අමතර