වාබිසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. حسن - رواه أبو داود والترمذي وابن ماجه وأحمد
explain-icon

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ පසුපසින් තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක, ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. ඊට හේතුව ඔහුගේ සලාතය එම තත්ත්වයේ වලංගු නොවන බැවනි.

explain-icon

හදීසයේ හරය

  • සමූහ සලාතය සඳහා කල්වේලාව ඇතිව පැමිණීමට හා ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට දිරි ගැන්වීම සහ සලාතය වලංගු නොවන පරිදි පේළියේ පසුපසට වී තනිව සලාත් ඉටු නොකරන මෙන් උනන්දු කරවීම.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: පේළියේ පසුපසට වී කවරෙකු සලාතය ආරම්භ කර පසුව රුකූවෙන් නැගිටීමට පෙර පේළිය තුළට පිවිසෙන්නේ ද ඔහු විසින් එම සලාතය නැවත ඉටු කිරීම ඔහුට අනිවාර්යය වන්නේ නැත. එය අබූ බක්ර් තුමා විසින් වාර්තා කළ හදීසයකට අනුව ය. එසේ නොවී නම්, වාබිසාගේ හදීසයේ පොදු අදහසට අනුව අනිවාර්යය වන්නේය.
explain-icon

අමතර