සලාතයේ මූලික ක්‍රියාවලිය, නැගිට සිට එය ඉටු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නමුත් කිසිවකුට හෝ ඒ සඳහා හැකියාව නැති අවස්ථාවක ඔහු වාඩි වී සලාතය ඉටු කරයි. වාඩි වී සලාත් ඉටු කිරීමට නොහැකි වූයේ නම් ඔහුගේ ඉල පැත්තට ඇළවී සලාතය ඉටු කිරීමේ හැකියාව ඔහුට ඇත.