අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.” صحيح - متفق عليه
explain-icon

විවරණය

ඉටු කිරීමට වඩාත් වැදගත්ම කොන්දේසිය වනුයේ කාන්තාව සමග පහස විඳීමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑ ඉටු කිරීමයි. එනම් විවාහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කොන්දේසියයි.

explain-icon

හදීසයේ හරය

  • ස්වාමිපුරුෂයා හා බිරිය යන දෙදෙනා ඔවුන් එකිනෙකා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කොන්දේසි ඉටු කිරීමේ අනිවාර්යය භාවය. නමුත් අනුමත දෑ තහනම් කිරීමේ හෝ තහනම් දෑ අනුමත කිරීමේ කොන්දේසි හැර.
  • විවාහයේ කොන්දේසි ඉටු කිරීම සෙසු සියල්ලටම වඩා වැදගත් වේ. හේතුව සැබැවින්ම එය ලිංගික පහස අනුමත කිරීම සඳහා හුවමාරු වන කරුණක් වන බැවිනි.
  • විවාහයේ කොන්දේසි පූර්ණවත් කිරීම ගැන අවධාරණය කරමින් ඉස්ලාමය තුළ විවාහයට ඇති ස්ථාවරයේ වැදගත්කම පෙන්වා දීම.
explain-icon

අමතර