නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දත් මැදීමට දැක්වූ කැමැත්තේ තරම හා ඒ සමග බැඳුණු කරුණු පැහැදිළි කරන කතාවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. ආඉෂා තුමියගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් තුමා නබි තුමාගේ මරණාසන්න මොහොතේ එතුමා වෙත පැමිණියේය. ඔහුගේ අතේ දත් පිරිසිදු කරන අමු දැහැටියක් විය. අබ්දුර් රහ්මාන් දත් පිරිසිදු කරනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දුටු කල්හි එයට වඩා කැමැත්තක් දැක්වුව ද එතුමාට අත්ව තිබූ රෝගය හා මරණ වේදනාව නිසාවෙන් එය සඳහා යොමු වන්නට නොහැකි විය. පසුව එතුමාගේ බැල්ම එහි කැමැත්තක් දනවන සේ ඒ දෙසට යොමු කළේය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය එය වටහාගෙන තම සහෝදරයාගෙන් මිස්වාක් දැහැටිය රැගෙන දැහැටියේ කෙළවර ඇයගේ දත්වලින් විකා පිරිසිදු කර පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට භාවිත කිරීම සඳහා ලබා දුන්නේ ය. පසුව එතුමා එමගින් දත් පිරිසිදු කර ගත්තේය. එතුමා මෙසේ දත් පිරිසිදු කරනවාට වඩා අලංකාර ලෙස දත් පිරිසිදු කිරීමක් මීට පෙර ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැක තිබුණේ නැත. දත් පිරිසිදු කොට නිමා කළ කල්හි තම ඇගිල්ල ඔසුවා අල්ලාහ්ව ඒකීයකරණයට ලක් කළේය. තම පරමාධිපති වෙත පෙරළා යෑම තින්දු විය. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වුහ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සතුටුවන්නියක් වූවාය. එය ඇයට නියම වූ භාග්යයක් විය. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තම හිස ඇයගේ පපුව මත තබමින් මිය යදින්නට වූහ.