අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අවසන් මොහොත ළඟා වූ කල්හි විශ්වාසවන්තයින්ගේ මව් වූ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත හාන්සි වෙමින් උත්තරීතර මිතුරා සමග තමන්වද එක් කරන මෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. ඔවුන් වනාහි නබිවරු (දෙවි දූතයෝ) සිද්දීකීන්වරු (සත්යවාදීහු) ෂුහදාවරු (දිවි පිදූවෝ) සාලිහීන්වරු (දැහැමියෝ) වෙති.