නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා අතරින් එකක් මෙය විය. (අල්ලාහුම්ම ඉන්නී අඌදු) මම සරණ පතමි රැකවරණය පතමි. (බික) ඔබෙන් පමණක් (මින් මුන්කරාති) අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ (අල් අහ්ඃලාකි) ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හා අහංකාරකම වැනි ගුණාංග. (ව) තවත් පිළිකුල් සහගත දෑ (අඃමාලි) දොස් නැගීම හා බැණ වැදීම වැනි ගුණාංග. (ව) තවද සියලු දැයින් (අල් අහ්වාඉ) සිත ආශා කරන දැයින් එනම් ෂරීආවට පටහැනි දෑ.