සඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසය: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ ඔහු රෝගාතුරව සිටිය දී ඔහුගේ සුවදුක් විමසා සිටියහ. එවිට එතුමා ((අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.)) යැයි තුන්වරක් පවසා සිටියහ. මිනිසා, රෝගාතුරුව සිටින තම සහෝදරයාගේ සුවදුක් විමසීම නබි චරිතයෙන් වූවක් බව මෙය පෙන්වා දෙයි. එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උදාර ගුණාංග හා එතුමා තම මිතුරන් සමග ආශ්රය කළ ආකාරය මෙහිදී මනාවට පෙනේ. එතුමාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් අතර සිටි රෝගීන් බැහැදැක සුවදුක් විමසූහ. ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කළහ. එහිදී අදාළ පුද්ගලයාගේ නම සඳහන් කරමින් මොහුට සුවය දෙනු මැනව! යැයි තුන්වරක් ප්රාර්ථනා කිරීම සතුටු දායක බව පෙනී යයි. සැබැවින් රෝගියා සුව වීමට මෙය හේතුවක් වනු ඇත.