අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුවදුක් විමසීම සඳහා රෝගියෙකු වෙත පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නෙකු වූහ.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රෝගීව සිටින ගැමි අරාබි ජාතිකයෙකු වෙත සුවදුක් විමසීම සඳහා පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නට වූහ.” ඉන් අදහස් කරනුයේ ඔබට මහත් දරුණු තත්ත්වයක් නැත. වේදනාවක් නැත. ඔබේ රෝගය ඔබේ පව් පිරිසිදු කරන්නක් වේ. ඔබේ අඩුපාඩු පුරවන්නක් වේ. එමෙන්ම අවසානයේ නිලයන් උසස් වීමට එය හේතුවක් වේ යන්නයි.

explain-icon

අමතර