අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “‘මසීහුද් දජ්ජාල්’ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් කෆී’ (දේවත්වයට කරන සුළු ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කිරීමයි.” හසන් ගණයට අයත් හදීසයකි - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සහගාමීහු ‘මසීහුද් දජ්ජාල්’ගේ අර්බුද ගැන එකිනෙකා මෙනෙහි කර ගනිමින් ඒ ගැන බියෙන් පසුවූහ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දජ්ජාල්ගේ අර්බුදයට ඔවුන් බිය වීමට වඩා ඔවුන් ගැන තමන් බියවන, ප්රවේසම් විය යුතු කරුණක් ඔවුනට දන්වා සිටියහ. එය චේතනාවේ හා මිනිසුනට හෙළි නොවූ අරමුණුවල පිහිටන ආදේශයයි. පසුව එයට විග්රහයක් වශයෙන් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සිදු කරන ක්රියාවන් මිනිසුන්ගේ දැක්ම හේතුකොට ගෙන එය අලංකාරවත් ලෙස ඉටු කිරීම යැයි විස්තර කර සිටියහ.

explain-icon

අමතර