අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා" صحيح - متفق عليه
explain-icon

විවරණය

රමළාන් මාසයේ පූර්ව ප්‍රවේසම් වීමේ අදහසින් දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම රමළාන් උපවාසය අනිවාර්යය භාවය පදනම් වී ඇත්තේ මුල් සඳ දැකීමත් සමගය. එය බරකර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. නමුත් දිනක් උපවාසයේ නිරතව පසු දින උපාවයෙන් මිදීම හෝ සඳුදා දින හෝ බ්‍රහස්පතින්දා දින උපවාසය නිරතවීම වැනි සිරිතක් ලෙස උපවාසයේ නිරත වන මිනිසෙකු හැර. එය එම දිනයට අනුගත වූයේ නම් ඔහුට එම උපවාසයේ නියැළිය හැක. එහි කිසිවක රමළාන් මාසයේ පිළිගැනීමක් දක්නට නැත. එමෙන්ම ඒ අතරට අතපසු වූ හා භාරවූ අනිවාර්යය උපවාසයන් ද ඇතුළත් වේ.

explain-icon

හදීසයේ හරය

  • යමක් බලපෑම් කිරීමේ තහනම සහ ෂරීආ පිළිවෙත කවර කරුණක් ආගමානුගත කර තිබේ ද එහි කිසිදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් හෝ සිදු නොකර ඒ අයුරින්ම එම නැමදුම් පිළිපැදීම අනිවාර්යය වේ.
  • එහි පවතින ප්‍රඥාව - අල්ලාහ් මැනවින් දනී- අනිවාර්යය නැමදුම් ක්‍රියාවන් අමතර ස්වේච්ඡා ක්‍රියාවලින් වෙන්කර දැක්වීම. රමළාන් උපවාසය සඳහා උනන්දුවෙන් හා කැමැත්තෙන් සූදානම් වීම. එය වෙන්කරන ලද එම උසස් මාසයේ සංකේතයක් ලෙස උපවාසය නියම කර ගනු පිණිසය.
explain-icon

අමතර