සුර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ විමසා සිටියේය. අහෝ මුහම්මද් ඔබ රෝගයෙන් පෙළෙන්නෙහි ද? එවිට එතුමාණෝ: එසේය යැයි පැවසූහ. පසුව ජිබ්රීල් අලයිහි වසල්ලම් තුමා තම ප්‍රකාශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට රැකවරණය පැතුවේය. "බිස්මිල්ලාහි" අල්ලාහ්ගෙන් උදව් පතමින් "උර්කීක" මම ඔබ වෙනුවෙන් රැකවරණය පතමි. "මින් කුල්ලි ෂෙය්ඉන්" කුඩා හෝ විශාල සෑම දෙයකින්ම. "මින් ෂර්රි කුල්ලි නෆ්සින්" සෑම නපුරු ආත්මයකින්ම. "අව් අය්නි හාසිදින්" ඔබට ඇතිවන ඇස්වහින්, අල්ලාහ් "යෂ්ෆීක" ඔබට සියලු රෝගවලින් නිවාරණය කර සුවය ලබා දී ආරක්ෂා කරනු ඇත. "බිස්මිල්ලාහි උර්කීක" අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. මෙය අතිශයෝක්ති ලෙස නැවත නැවතත් ප්‍රකාශ කිරීමකි. එමගින් ආරම්භ කර එමගින්ම අවසන් කර ඇත. ඉන් පෙන්වා දෙනුයේ සුවිශුද්ධ අල්ලාහ් හැර සෙත සළසන වෙනත් කිසිවකු නැති බවය.