නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. " صحيح - متفق عليه
explain-icon

විවරණය

සහාබාවරුන්ට දොස් නැගීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මුහාජිර් හා අන්සාර් සහාබිවරුන් විෂයයෙහි සැලකිලිමත් විය යුතුය. එතුමාණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "ජනයා අතරින් කිසිවෙකු හෝ උහද් කන්ද තරම් රන් වැය කර තිබුණ ද, කිසියම් සහාබිවරයකු වැය කළ ආහාර මුද්දුවක හෝ ඉන් අඩක ප්‍රමාණයක කුසල් ඔහු වෙත ලඟා වන්නේ නැත. "අල්-මුද්දු" යනු සාමාන්‍ය ශරීර මැවීමක් සහිත මිනිසෙකුගේ දෝත පිරෙන්නෙට ඇති ප්‍රමාණය වේ.- එය ඔවුන්ගේ අවංක භාවය, ඔවුන්ගේ චේතනාවේ අව්‍යාජභාවය, ඔවුන් වැය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කා ජයග්‍රහණයට පෙර ඔවුන් යුද වැද තිබීම."

explain-icon

හදීසයේ හරය

  • සහාබාවරුන්ට දොස් නැගීම තහනම් මෙන්ම එය මහා පාපයන්ගෙන් එකකි.
explain-icon

අමතර