පුද්ගලයෙකු තම හැසිරීම් සහ පුරුදු තුළ ඔහුගේ කළ්‍යාන මිතුරා සහ සහකරුට සමාන බවත්, මිත්‍රත්වය සදාචාරයට, හැසිරීමට සහ ක්‍රියාවන්ට බලපාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. මේ හේතුව නිසා හොඳ මිතුරෙකු තෝරා ගැනීමට එතුමාණෝ මඟ පෙන්වූහ. මක්නිසාද යත් ඔහු තම මිතුරාට විශ්වාසය, යහමඟ සහ යහපත වෙත මඟ පෙන්වන අතර ඔහු තම මිතුරාට උදව් කරුවකු වන බැවිනි.