අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ සඳහන් කළේය. අමතර යමක් නොකියවා සෑම රාත්‍රියකම "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුගේ හඬට තවත් තැනැත්තෙක් සවන් දුන්නේය. උදෑසන එළැඹුණු කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට මෙනෙහි කළේය. විමසා සිටින්නාට එය අල්ප බව අඟවන්නට බැලීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ දිවුරා සහතික කරමින් ඒ ගැන මෙසේ පැවසූහ: @"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."