අල්-කුර්ආනය කියවීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පාරායනය කෙසේ වී දැයි මුඃමින්වරුගේ මෑණියක වූ හෆ්සා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් මෙසේ විමසන ලදී. එවිට එතුමිය: ඒ හා සමානව කියවීමට ඔබට හැකියාව නැත යැයි පැවසුවාය. එවිට එතුමියගෙන් අපට එය දන්වන්නැයි විමසන ලදී. නාෆි තුමා මෙසේ පැවසීය: එවිට ඉබ්නු අබී මලීකා අපට මන්දගාමී ලෙස පාරායනය කර පෙන්වීය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කියවීමේ ආකාරය ඔවුන්ට පැහැදිලි කර ගත හැකි වනු පිණිසය. එතුමා "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" යැයි පාරායනය කර පසුව පාරායනය නතර කළේය. නැවත "අර්-රහ්මානිර් රහීම්" යැයි පාරායනය කර නතර කළේය. පසුව "මාලිකි යව්මිද් දීන්" යනාකාරයෙන් පාරායනය කළහ.