කතාදා තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අල්-කුර්ආන් පාරායනය කෙසේ වී දැයි අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: "හඩ දිගුවට ඇද පාරායනය කරන ආකාරයෙන් විය" යැයි පවසා පසුව 'බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්' (සූරා අල්-ෆාතිහා 1) හි බිස්මිල්ලාහ් යන පදය අදිමින් රහ්මාන් යන පදය ද අදිමින් රහීම් යන පදය ද අදිමින් පාරායනය කර පෙන්වීය. صحيح - رواه البخاري
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අල්-කුර්ආන් පාරායනය කෙසේ වී දැයි අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: "පාරායනයේ දී එතුමාණන්ගේ හඩ දිගුවට ඇද පාරායනය කරන ආකාරයෙන් විය." 'අල්ලාහ්' නම් පදයේ 'හා' ස්වරයට පෙර ඇති 'ලාම්' ස්වරය ඇද්දහ. 'රහ්මාන්' යන පදයේ 'නූන්' ස්වරයට පෙර 'මීම්' ස්වරය ඇද්දහ. 'රහීම්' යන පදයේ 'හා' ස්වරය ඇද්දහ." යනුවෙන් පැවසුවේය.

explain-icon

හදීසයේ හරය

  • මද් යනු දීර්ග ස්වර සඳහා අදාළ අකුරු ඇද පාරායනය කිරීමය. එනම් අලිෆ්, වාව් සහ යා යන අකුරු වේ. එම අකුර සුකූන් (හල් කිරීමේ) පිල්ලම ගෙන, එම අකුරට පෙර ඊට ගැළපෙන ස්වර පිල්ලම් පැමිණ තිබේ නම් එය දිගු කිරීමයි.
  • අල්-කුර්ආනය කියවීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීම පැහැදිලි කිරීම.
  • නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පාරායනය කළ ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමේ ප්‍රායෝගික භාවිතය.
  • අස්-සින්දි තුමා මෙසේ පැවසීය: එතුමාණන්ගේ හඩ දිගුවට ඇද පාරායනය කරන ආකාරයෙන් විය යන ඔහුගේ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ඔහු ඇද පාරායනය කිරීම සඳහා සුදුසු අකුරු දිගු කිරීමය. ඒවා මෙනෙහි කිරීමට, පරාවර්තනය කිරීමට සහ මතක තබා ගන්නා අයට මතක් කිරීමට උපකාරී වේ.
  • තජ්වීද් කලාව හා අල් කුර්ආන් කලාව දැනගැනීමේ වැදගත්කම.
  • පාඨ තේරුම් ගැනීම සඳහා විද්වතුන් වෙත යොමු විය යුතුයි. මන්ද අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් එසේ විමසනු ලැබ හෙතෙම ප්‍රශ්නය අසා සිටි තැනැත්තාට එය පැහැදිලි කර ඇති බැවිනි.