සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.” إسناده حسن - رواه أبو داود وأحمد
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත කවරෙකු සලාම් පවසා සිටියේ ද, ඔහු ළඟ සිටියද දුර සිටියද ඒ සෑම කෙනෙකුටම එතුමාණන් සලාම් පවසන තෙක් එතුමාණන්ගේ ප්‍රාණය එතුමාණන් වෙත නැවත ප්‍රදානය කරනු ලබන බව එතුමාණෝ දන්වා සිටියහ. බර්සක් හා කබ්ර් (මිනීවල) ජීවිතය යනු ගුප්ත කරුණකි. එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔහු සෑම දෙයක් කෙරෙහිම සර්වබලධාරීය.

explain-icon

හදීසයේ හරය

  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අධික ලෙස සලවාත් පැවසීමට දිරි ගැන්වීම.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ජීවිතය පරිපූර්ණ ජීවිතයකි. එය මිනීවල තුළ මිනිසා අවදිව සිටින පූර්ණ අවදිවත් ජීවිතයකි. උත්තරීතර අල්ලාහ් හැර එහි යථාර්ථය වෙනත් කිසිවකු නොදනී.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප ජීවත් වන්නාක් මෙන් ජීවිතයක් සහිතව ජීවත් වන්නේ යැයි පවසන්නන් හට මෙම හදීසය සාධකයක් නොවේ. එතුමාණන්ගෙන් උදව් පතන ආදේශ තබන්නන් පවා ඒ සඳහා සාධයක් ලෙස මෙය භාවිතා නොකරයි. සැබැවින්ම එය බර්සක් හෙවත් මිනීවල ජීවිතයයි.