නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුඃද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය." صحيح - رواه الترمذي وابن ماجه وأحمد
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් අතර දේශනා කර ඇත්තාහ. එසේ එතුමාණන් කළ දේශනා අතරින් එකක් නම්, 'මුස්ලිම්වරයකු සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක මිනිසුනට බියෙන් හෝ ඔවුන්ගේ මැසිවලට බියෙන් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් වැළකී නො සිටිය යුතු බවයි'.

explain-icon

හදීසයේ හරය

  • සත්‍යය හෙළි කිරීමට හා මිනිසුනට බියෙන් එය වසන් නොකිරීමට දිරි ගැන්වීම.
  • සත්‍යය කතා කිරීම යනු, ප්‍රකාශ කරන ක්‍රමයේ විනය, ප්‍රඥාව යහපත් උපදෙස් පිළිපැඳීමෙන් තොරව පැවසිය යුතු යැයි ඉන් අදහස් කරන්නේ නැත.
  • පිළිකුල් සහගත දෑ හෙළා දැකිය යුතුය. සත්‍යයට පටහැනි වූ අවස්ථාවක මිනිසුන්ගේ යහපත උදෙසා උත්තරීතර අල්ලාහ්ගේ සත්‍යය ඉදිරිපත් කළ යුතුය.
explain-icon

අමතර