නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සුජූද්හි මෙසේ ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව!) එය වසන් කර, මට ආරක්ෂාව දෙනු මැනව! ඒවා පිළිපැදීමෙන් මා ආරක්ෂා කරනු මැනව! සමාව දී, වැරදි කමා කර නිදහස් කරනු මැනව! "කුල්ලහූ" (සියල්ලට) එනම් "දික්කහූ" කුඩා හා සුළු, "වජිල්ලහු" විශාල හා මහා, "වඅව්වලහු" මුල් පාපය, "වආකිරහු" අවසන් පාපය, එනම් ඒ අතර ඇති දෑ "වඅලානියතහු වසිර්රහූ" සුවිශුද්ධ අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා දැයින් ප්‍රසිද්ධ හා රහසිගත යනාදී පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!