රමළාන් මස ප්‍රවේශයේ හා එය ඉකුත්ව යෑමේ සළකුණ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කරමින් පැවසූහ: ඔබ රමළාන් මාසයේ නව සඳ දුටු විටෙක උපවාසයේ නිරත වන්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ ෂඃබාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න. ෂව්වාල් මාසයේ නව සද දුටු විට ඔබ උපවාසය අත්හරින්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ රමළාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න.