සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කිසිදු විනිශ්චයකින් හෝ දඬුවම් කිරීමකින් තොරව මෙම ප්රජාවෙන් හැත්තෑ දහසක් දෙනා ස්වර්ගයට ඇතුළත් කරන බවට තමන්ට පොරොන්දු දී ඇතැයි නබි (සල්ලල්ලාලහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා ඇත. ඒ සෑම හැත්තෑ දහසක පිරිස සමග තවත් හැත්තෑ දහසක් දෙනා වෙති. ඔහුගේ ගෞරවනීය අතින් මිටි තුනකින් ඔවුන්ව හසුකරගනු ඇත. පසුව ස්වර්ග උයනට ඇතුළත් කරනු ඇත.