මෙම හදීසයේ සතුන්ගේ මුහුණෙහි පච්ච කොටන එමෙන්ම මුහුණට පහර දෙන අය විෂයයෙහි මෙම දැඩි අවවාදය හා බළවත් තහනම සඳහන්ව ඇත. එය මහා පාපයන්ගෙන් එකක් බව විද්වත්හු සළකති. එසේ තහනමට විද්වතුන් විසින් ඉදිරිපත් කරන හේතූන් වනාහි: සැබැවින් මුහුණ මෘදුය. සියලු අලංකාරයන් එක්රැස් වූ තැනකි. එහි ඇති අවයව ඉතා වටිනා මෙන්ම සියුම්ය. බොහෝ දෑ ග්රහණය කරනුයේ එමගිනි. නමුත් මුහුණට පහර දීම ඒවා ක්රියා විරහිත කරනු ඇත. ඒවායෙහි අඩුපාඩු සිදුවනු ඇත. මුහුණ විකෘති වනු ඇත. එහි විකෘති ඇති කිරීම දුෂ්ඨ ක්රියාවනි. ඊට හේතුව සැබැවින්ම එය සැගවිය නොහැකි බාහිරයේ ප්රදර්ශනය වන්නක් බැවිණි. එයට පහර දුන් විට බොහෝ විට එහි විකෘති භාවයෙන් ආරෝග්යමත් වන්නේ නැත.