පාලකයා විෂයයෙහි ඔහු කවර කරුණක් නියෝග කරන්නේ ද එම නියෝගය අප ප්රිය කළද පිළිකුල් කළද එහිදී අපි ඔහුට සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය බව මෙම හදීසයේ පැහැදිලි කර ඇත. නමුත් පාපකාරී කටයුත්තක් සම්බන්ධයෙන් අපට නියෝග කරනු ලබන්නේ නම් එම පාපකාරී කටයුත්තෙහි පමණක් ඔහුට සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්යය වන්නේ නැත.