අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කුර්ආනය රැගෙන සතුරු භූමියක් වෙත ගමන් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වැළැක්වූහ.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

ඉස්ලාමය පිළිනොපදින දේව ප්රතික්ෂේපිත භූමියක් වෙත අල් කුර්ආනය රැගෙන යාමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. එවිට එය එහිදී පරිභවයට පත්කරනු ලැබිය හැක යන හේතුවක් ඇත. එය සුරක්ෂිතව තබනු ඇත යනු සිතුනේ නම්, මෙය ගෙන යෑමට අනුමතය.