අබූ සඊද් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ගමනක තිදෙනෙකු පිටත්ව ගිය විට, ඔවුන් අතරින් එක් අයකු නායකයකු බවට ඔවුහු පත් කර ගත යුතුය.” හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මගීන්හට, ඔවුන් අතරින් කෙනෙකු ඔවුන්ගේ මගී නායකයකු බවට පත් කර ගන්නා මෙන් අල්ලාහ්ගේ දූතයාණන් නියෝග කළේය. ඔහු ඔවුන් අතරින් වඩාත් ශ්රෙෂ්ඨ මෙන්ම ඔවුන්ගේ කටයුතු සැලසුම් කිරීමේ භාරකාරත්වය දන්නට තරම් මනා දැක්මක් ඇති කෙනෙකු විය යුතුය. ඔවුන් එසේ කෙනෙකු නායකයකු බවට පත් නොකළ විට ඔවුන්ගේ කටයුතු වියවුල් වනු ඇත.