නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව විශ්වාස කරන්නන්ගේ මෑණිය වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිනාර් එකකින් හතරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා (සොරෙකුගේ) අත, කපා දැමිය යුතුය." صحيح - متفق عليه
explain-icon

විවරණය

සොරෙකු රන් දීනාර් එකකින් හතරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් සොරකම් කර ඇත්නම් ඔහුගේ අත කපා හැරිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහි වටිනාකම රන් ග්‍රෑම් 1.06 ක වටිනාකමට සමාන වන්නේය.

explain-icon

හදීසයේ හරය

  • සොරකම මහා පාපයන්ගෙන් එකකි.
  • සොරකුගේ දඬුවම අල්ලාහ් නියම කළේය. එය "සොරකු හා හෙරක යන දෙදෙනාගේ අත් නුඹලා කපා හරිනු" (අල්-මාඉදා: 38 වැනි) පාඨයට අනුව ඔහුගේ අත කපා හැරීමය. එසේ කපා හැරීමේ කොන්දේසි නබි වදන් පැදැහිලි කර ඇත.
  • හදීසයේ අත යනුවෙන් අදහස් කර ඇත්තේ ඔහුගේ අත හා බාහුව අතර ඇති සන්ධිය කපා හැරීමය.
  • සොරාගේ අත කැපීමෙහි ප්‍රඥාව මිනිසුන්ගේ වස්තුව ආරක්ෂා කිරීමය. එමෙන්ම මෙවැනි අපරාධවල නිරතවන වෙනත් අය එය වළක්වනු ඇත.
  • දීනාර් යනු රන් මිස්කාලයක් වේ. එය වර්තමානයේ කැරට් 24 ක රන් (ග්‍රෑම් 4.25)කට සමානය. දීනාර් එකකින් හතරෙන් එකක් යනු එක් ග්‍රෑමයකට හා තවත් සුළු ප්‍රමාණයකට සමාන වේ.
explain-icon

ප්‍රවර්ග

explain-icon

අමතර