අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ජාහිලිය්යත් හෙවත් අඥාන යුගයේ උක්කාල්, මජින්නා හා දුල් මජාස් වැනි වෙළඳපොළවල් තිබිණ. හජ් කාලයේ ව්යාපාර කිරීම පාපයක් බව ඇතමුන් සිතූහ. එවිට හජ් සමයේ ‘ඔබගේ පරමාධිපතිගේ භාග්යය සෙවීම ඔබ කෙරෙහි වරදක් නැත‘ යන අල් කුර්ආන් 2:298 වැනි වැකිය පහළ විය. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හජ් දිනයන්හි දේව ආදේශකයින් ව්යාපාර කරන ඇතැම් වෙළඳ ස්ථාන තිබිණ. හජ් දිනයන්හි එහි ව්යාපාර කිරීම තමන්ට පාපයක් වනු ඇතැයි බියක් සහාබාවරුන්ට තිබිණ. අාගමික කෝණයෙන් එසේ හජ් වන්දනා කටයුතු සිදු කිරීමත් සමග හජ් සමයේ ව්යාපාර කිරීම එය පළුද්දක් නොකරන බව පැහැදිලි කරමින් අල්ලාහ් මෙම වැකිය පහළ කළේය. හජ් සමයේ ව්යාපාර කිරීම අනුමතය. නමුත් වඩාත් උචිත වඩාත් යහපත් වනුයේ හජ් නැමදුම් කටයුතු සඳහාම වෙන් කර ගැනීමය. එය වඩාත් උතුම්ය.

explain-icon

අමතර