අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “සමුදීමේ අවසන් හජ් වන්දනා අවස්ථාවේ නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් ඔටු මත නැග තවාෆ් කළහ. එතුමාණන් රුක්න් හෙවත් (ගල පිහිටි) ප්රධාන ස්ථානය සැරයටියෙන් ස්පර්ශ කළහ.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

සමුගැනීමේ හජ් වන්දනාවෙහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තවාෆ් කළහ. එහි ජනයා එතුමා වටා පිරී සිටියහ. ඔවුන් අතුරින් ඇතැමුන් එතුමාගේ තවාෆ් ක්රමය දැක ගන්නට ප්රිය කළෝය. තවත් සමහරුන් එතුමාගේ ගෞරවනීය පෞරුෂත්වය දෙස බලන්නට ප්රිය කළෝය. එයත් සමග තදබදය වැඩි විය. එතුමාගේ සමූහයා එතුමාට දැක්වූ ලෙන්ගතුකම හා ඔවුන් අතර පැවති එකමුතුකමේ පූර්ණත්වය එතැනින් ඉස්මතු විය. ජනයා එතුමාව දැක ගැනීමට හැකිවනු පරිදි එතුමා ඔටුවා මත නැග තවාෆ් කරන්නට වූහ. එතුමා සමග සැරයටියක් විය. එමගින් එතුමා කඃබාවේ කොන ස්පර්ශ කොට පසුව එම සැරයටිය සිප ගත්හ. මෙම හදීසයට සාක්ෂි වශයෙන් මුස්ලිම්හි වාර්තාවී ඇත්තේ මෙලෙසය.

explain-icon

අමතර