අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමුගැනීමේ හජ් වන්දනාව ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මක්කාවට පැමිණියහ. දුල් හිජ්ජා මස දින හතරක් ගතවූ පසු එහි පිවිසෙන රාත්රියේ 'දී තුවා' නම් ස්ථානයේ රාත්රිය ගත කළහ. එතුමා උදෑසන ඉහළ ප්රදේශයෙන් මක්කාවට පිවිසුණහ. හේතුව එතුමා මදීනාවේ සිට පැමිණ ඇති බැවින් එහි පිවිසීමට එය වඩාත් පහසු මඟක් වූ නිසාවෙනි. එතුමාගේ වන්දනාමාන කටයුතු අවසන් කළ කල්හි මක්කාවේ සිට මදීනාව වෙත මක්කාවේ පහල ප්රදේශයෙන් පිටත් වූහ. එය ජර්වල් නම් ස්ථානයට පැමිණෙන මාර්ගය විය. එසේ එතුමා සිදු කළේ නැමදුම් කිරීමේ ස්ථාන වැඩි කර ගැනීමේ අරමුණෙන් මාර්ගය වෙනස් කර ගියා වන්නට පුළුවන. එය එතුමා අරෆාවට ගොස් එයින් නැවත හැරී පැමිණීම, අනිවාර්යය සලාත් ඉටු කරන ස්ථානයෙන් තොරව වෙනත් ස්ථානයක අවුරුදු සලාතය හා නෆීල් සලාතය ඉටු කරන්නාක් මෙනි. හේතුව මහපොළොව එහි තොරතුර දන්වා සිටින දිනයේ තමන් කළ ක්රියාවන් පිළිබඳ එය සාක්ෂි දරන බැවිනි. එසේ නැතිනම් මදීනාවේ සිට පැමිණෙන්නන් හට පිවිසීමටත් පිටත්වීමටත් එහි යාමටත් පහසු මාර්ගයක් වී තිබෙන්නට පුළුවන. මැනවින් දන්නා අල්ලාහ් පමණය.

explain-icon

අමතර