අබූ ජම්රා තුමා, ඉබ්නු අබ්බාස් තුමාගෙන් -රළියල්ලහු අන්හුමා- උම්රාව හජ් සමඟ සම්බන්ධකොට ඉටු කරන තමත්තුඃ ක්රමය පිළිබඳ විමසා සිටියේය. එවිට ඒ ගැන එතුමාට නියෝග කළහ. පසුව අල්-කුර්ආනයේ “කවරෙකු උම්රාව හජ් සමඟ සම්බන්ධ කොට ඉටු කරන්නේද එවිට සත්ව කැපයෙන් පහසු දෑ (වන්දි වශයෙන්) විය යුතුය“ යන වැකිය හා බැඳුණු සත්ව කැපය පිළිබඳව විමසා සිටියහ. එවිට එතුමා සැබැවින්ම එය ඔටුවෙකු විය යුතුය. එයයි වඩාත් උතුම් වනුයේ, පසුව ගවයෙකු විය යුතුය. පසුව එළුවෙකු විය යුතුය. එසේ නැතිනම් ඔටුවා හෝ ගවයා සඳහා සත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් විය යුතුය. එනම් වන්දි සඳහා හෝ උල්හියා සඳහා වූ සත්ව කැපය හවුලේ පිරිනමන්නට සිතන අය හත් දෙනෙකුගේ සංඛ්යාවක් දක්වා හවුල් විය හැකිය යන්නයි. තමත්තුඃ ක්රමය සම්බන්ධයෙන් අබූ ජම්රා තුමාට සිතට යම් අසහනයක් වූවා විය හැක. එවිට එතුමා “දැහැමි හජ් වන්දනාවකි. ඔබ කළ තමත්තුඃ ක්රමය පිළිගනු ලැබූවකි.“ යැයි පවසන නිවේදකයකු සිහිනෙන් දුටුවේය. පසුව එතුමා මෙම සිහිනය පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු පිණිස ඉබ්නු අබ්බාස් තුමා වෙත පැමිණියේය. එම දැහැමි සිහිනය නබිත්වයේ කොටස් අතුරින් එක් කොටසක් දුටු කල්හි ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා ඒ ගැන සතුටු වූහ. නිවැරදි දේට අල්ලාහ්ද එකඟතාව ඵල කර ඇති බව සතුටු වූහ. පසුව එතුමා අල්ලාහු අක්බර් මෙය අබුල් කාසිම් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පිළිවෙත වේ. යැයි පවසා සිටියහ.