අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. අවසන් හජ් වන්දනාවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමඟ මිනාවෙහි සිටියදී බූරු දෙනක් මත වාඩි වී තමන් ඉදිරියට පැමිණියේය. ඇතැම් පේළි අතර ඌ ගමන් කරන්නට විය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම සහාබාවරුන්ට සලාතය මෙහෙයවමින් සිටියහ. එතුමා ඉදිරියේ කිසිදු බිත්තියක් නොවීය. පසුව තමන් එම බූරු දෙනගෙන් බැස ඌ තණ බුදින්නට අතහැර දැමීය. පසුව පේළි අතරට පිවිසුණේය යැයි එතුමා දන්වා සිටියහ. රළියල්ලාහු අන්හු තුමා තව දුරටත් තමන් ඒ අවස්ථාවේ වැඩිවියට පත්වීමට සමීප වයසක පසු වූ බවත් දන්වා සිටියහ. එනම් සලාතය ඉටු කරන්නන් හට එය ඉටු කිරීමෙන් කඩාකප්පල් කාරී පිළිකුල් සහගත යම් ක්රියාවක් තමන් සිදු කර ඇත්නම් එවන් අවස්ථාවක තමන් වළක්වනු ලබන වසයක පසුවූ බවයි. එසේ තිබියදීත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හෝ එතුමාගේ සහාබාවරුන් අතුරින් කිසිවකු තමන් වැළැක්වූයේ නැත.