ඉමාම් වරයකු පත් කිරීමේ යථාර්ථය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මඃමූම්වරුනට (ඔහුව අනුගමනය කරන්නන්හට) මග පෙන්වූහ. එනම් සලාත් ඉටු කරන්නන් ඔවුන්ගේ සලාතයේදී ඔහුව පිළිපැදීම හා සලාතයේ කිසිදු ක්රියාවක දී ඔහුට විරුද්ධව වෙනස්කම් නොකිරීමය. සැබැවින්ම ඔහුගේ චලන ස්වරූපය සැලකිල්ලට ගත යුතු වේ. ඒ අනුව සලාතය ආරම්භ කිරීම සඳහා ඔහු තක්බීර් පැවසූ විට, නුඹලා ද එලෙසම තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට, ඔහුට පසුව නුඹලා ද රුකූඃ කරනු. ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යනුවෙන් තමන්ට ප්රශංසා කරන්නාට සැබැවින්ම අල්ලාහ් පිළිතුරු දුන්නේ ය යැයි නුඹලාට ඔහු මතක් කළ විට ‘රබ්බනා ලකල් හම්දු’ යනුවෙන් නුඹලා ප්රකාශ කොට ඔහුට ප්රශංසා කරනු. මේ අයුරින්ම “රබ්බනා වලකල් හම්දු”, “අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු” හා “අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්දු” යනාදී ස්වරූපවලින් ද එය සඳහන්ව පැමිණ ඇත. ඔහු සුජූද් කළ විට ඔහුව පිළිපදිමින් සුජූද් කරනු. සිට ගැනීමට නොහැකිකම හේතුවෙන් ඔහු වාඩි වී සලාත් ඉටු කළ විට - ඔහු අනුගමනය කිරීම තහවුරු කරනු වස්- නුඹලා සිට ගැනීමට හැකියාව ඇත්තන් වුවද වාඩි වී සලාත් ඉටු කරනු.