නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සහාබාවරුන්ට ලුහර් සලාතය මෙහෙය වූහ. මුල් රකආත් දෙක ඉටු කළ පසු පළමු තෂහ්හුද් සඳහා වාඩි නොවී නැගිට සිටියහ. මඃමූම්වරුද එසේ එතුමාණන්ව පිළිපැද්දාහ. අවසන් රකආත් දෙක ඉටු කළ පසුව අවසන් තෂහ්හුද් සඳහා වාඩි වූහ. එය අවසන් කළ පසු එතුමා සලාම් පවසනු ඇතැයි ජනයා බලාපොරොත්තුවෙන් සිටියෝය. නමුත් එතුමා ඉඳගත් ඉඳුමෙහිම තක්බීර් පවසා සලාතයේ සාමන්යයෙන් සුජූද් කරන්නාක් මෙන් සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඔවුනට මෙහෙය වූහ. එය සජදා සහ්වු නම් අමතක වීම සඳහා කරන්නා වූ සුජූද් දෙක විය. එම සුජූද අතපසු වූ තෂහ්හුද් හි අඩුව පිරවීම සඳහා සිදු කරනු ලබන්නක් විය.