රන් වෙනුවට රන් ද රිදී වෙනුවට රිදී ද ඒවා එකිනෙකට වෙනස් ව පොළියක් ඇති වන පරිදි වෙළඳාමක් සිදු වන කල්හි ඒවා එකිනෙකට සමාන නොවන තාක් තහනම් වන්නේය. රිදී වෙනුවට රන් ද රන් වෙනුවට රිදී ද ගනුදෙනු කරන්නේ නම්, එහි වරදක් නැත. ඒ දෙක එකිනෙකට වෙනස් වුව ද එය වලංගු වීමට නම් ගිවිස ගන්නා වෙළඳ ස්ථානයේම අත්පිට වටිනාකමට හුවමාරු විය යුතුය. එසේ නොවන්නේ නම් එය තහනම් කරන ලද පොළියක් බවට පත් වන්නේය. වර්ගය වෙනස් වූ කල්හි ප්රමාණය වෙනස්වීම අනුමත වුව ද අත්පිට හුවමාරුව කොන්දේසි ලෙස පවතී. එය ඒ දෙක අතර පොලී සඳහා පොදු හේතූන් පිහිටන හේතුවෙනි.