මෙම හදීස් දෙකෙහි සුබ්හු සලාතයෙන් පසු හිරු උදා වී දෑසින් දකින තරමට ක්ෂිතිජයෙනි හීයක උසක තරම් ප්රමාණයකට උදා වන තෙක් සලාතයට ඉටු කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය විනාඩි කිහිපයකි. එහි කාල සීමාව පිළිබඳ විද්වතුන් අතර විනාඩි 5 සිට විනාඩි 15 දක්වා අතර වූ කාලය පිළිබඳ මතභේද පවතී. එමෙන්ම අසර් සලාතයෙන් පසුව හිරු අවරට යන තෙක් එනම් මග්රිබ් අදාන් පැවසීමට විනාඩි කිහිපයකට පෙර සලාතය ඉටු කිරීමෙන්ද එතුමා වැළැක්වූහ. හේතුව මේ වේලාවන් දෙකෙහි සලාතය ඉටු කිරීම හිරු උදාවන විට හා එය අවරට යන විට දේව ආදේශකයින් කරන නැමදුමට සමාන වන බැවිනි. ඔවුන්ගේ නැමදුම්වලදී ඔවුනට සමාන ලෙස කටයුතු කිරීමෙන් එතුමා අප වළක්වා ඇත්තාහ. හේතුව කවරෙකු තවත් සමාජයකට සමානව කටයුතු කරන්නේද ඔහුද ඔවුන් අතරින් කෙනෙකු වන බැවිනි.