අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "කිසිදු නබිවරයකු තම සමූහයා වෙත බොරුකාර, ඇසක් ඇත්තා ගැන අවවාද කර සිටියා මිස නැත. දැනගනු සැබැවින්ම ඔහු එක් ඇසැක් ඇත්තෙකි. නුඹලාගේ පරමාධිපති අන්ධයකු නොවේ. ඔහුගේ දෑස් දෙක අතර ක, ෆ, ර යනුවෙන් ලියනු ලැබී ඇත. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

අල්ලාහ් විසින් එවන ලද සෑම නබිවරයකුම දජ්ජාල් පිළිබඳ තම සමූහයාට අවවාද කොට අනතුරු අැඟවූහ. හේතුව සැබැවින්ම ඔවුන් ඔහුගේ බැහැර වීම හා ඔහුගේ අර්බුධවල දරුණුකම පිළිබඳ දන්නා අය වූ බැවිනි. එහෙයින් ඔවුහු ඔවුනට ඔහුගේ ගුණාංගවලින් ඇතැම් දෑ පැහැදිලි කළහ. මෙම හදීසයෙහි ඔහු අන්ධයකු බව සඳහන්ව ඇත. අල්ලාහ් එම ගුණාංගයෙන් පිවිතුරු අයෙකි. ඔහුගේ ගුණාංගවලින් තවත් එකක් වනුයේ ඔහුගේ දෑස් දෙක අතර ක,ෆ,ර යනුවෙන් ලියවී තිබීමය.

explain-icon

අමතර