අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාර්ගයේ සිටියදී හජ්ජතුල් වදා යනු කුමක් ද? යැයි අපි විමසා සිටියෙමු. හජ්ජතුල් වදා යනු කුමක්දැයි අපි නොදැන සිටියෙමු. හජ්ජතුල් වදා යනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හිජ්රි දහවන වර්ශයෙන් ඉටු කළ අවසන් හජ් වන්දනාවයි. එහිදී එතුමා ජනයාගෙන් සමු ගත්තේය. ඇසක් පොට්ට මහාබොරුකාර දජ්ජාල් පිළිබඳ මෙනෙහි කළේය. ඔහුගේ කරුණෙහි බරපතලකම පෙන්වූහ. ඔහු ගැන ප්රවේසම් වන මෙන් දන්වා සිටියහ. පසුව සියලුම නබිවරුන් තමන්ගේ සමූහයාට දජ්ජාල් ගැන අවවාද කර සිටි බවත් ඔවුන් ඉදිරියේ ඔහුගේ කරුණ ගැන ඔවුනට බිය ගන්වා බලවත් සේ පැවසූ බවත් සැබැවින්ම ඔහු නුඹලාට සැඟවෙන්නේ නැති බවත් දන්වා සිටියේය. නුඹලාගේ පරමාධිපති පොට්ටයෙකු නොවේ. නමුත් ඔහු වනාහි දකුණැස පොට්ට නෙරා ඇති මිදි ගෙඩියක් මෙන් පවතින කෙනෙකි පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසූහ. හජ් අවුරුදු දිනයේ ගෞරවය මක්කාවේ ගෞරවය දුල් හිජ්ජා මාසයේ ගෞරවය මෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාණ නැසීම කිසිදු යුක්තියකින් තොරව නුඹලාගේ සම්පත් පැහැර ගැනීම තහනම් කොට ගෞරවය කර ඇත්තේය. පසුව නුඹලාට දන්වා සිටීමට නියෝග කරනු ලැබූ දෑ මම නුඹලාට දන්වා සිටියෙම් ද? යැයි එතුමා විමසූහ. ඔවුහු: ‘එසේය’ යැයි පැවසූහ. එතුමා: අහෝ අල්ලාහ් මම ඔවුන්ට දන්වා සිටීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂියට ඔබ සාක්ෂි කරුවකු සිටින්න’ යැයි තුන්වරක් පැවසීය. අනතුරුව මින් පසුව එකිනෙකා මරා ගන්නා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙන් නොවන මෙන් ද එතුමා ඔවුනට නියෝග කළහ.