අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “බොරුකාරයකු ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු ලෙස ඔහු හැර වෙනත් කෙනෙකු මත දිවුරා සිටීමට වඩා මා වෙත ප්රියමනාපය.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - අබුදර් රස්සාක් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: යම් කරුණක් සම්බන්ධව එය සිදු වූවා යැයි උපකල්පනය කරමින් එහිදී මම බොරුකාරයකු බව අල්ලාහ් මත මා දිවුරා සිටීම වනාහි, එය කරුණක් සම්බන්ධව, එහිදී මම සත්යවාදියෙකු යැයි අල්ලාහ් නොවන දෑට මා දිවුරා සිටීමට වඩාත් ප්රිය ජනකය. තමන් බොරු කාරයකු යැයි අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු යැයි අල්ලාහ් නොවන දෙයක් මත දිවුරා සිටීමට වඩා සුදුසුය. මෙම තත්ත්වයේ අල්ලාහ් මත දිවුරා සිටීම වනාහි, එහි දේවත්වය ඒකීය කරණයේ අලංකාරය පවතී. එමෙන්ම බොරුවේ නපුර ද පවතී. තමන් සත්යාවාදියෙකු යැයි වෙනත් අයකු මත දිවුරා සිටීම වනාහි, එහි සත්යයේ අලංකාරය පවතින අතරම ෂිර්ක් හෙවත් දේව ආදේශයේ නපුරද පවතී. දේවත්වය ඒකීයකරණයේ අලංකාරය සත්යයේ අලංකාරයට වඩා වැදගත් වන්නේය. බොරුවේ නපුර ෂිර්ක්හි නපුරට වඩා සැහැල්ලු වන්නේය.

explain-icon

අමතර